ඇකුල්ත් විමෙ පෝරමය
musicPlayer
Home

ර/කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය

මුල් පිටුව

 

            රත්නපුර දිස්ත්‍රික්කය සබරගමු පළාතේ පිහිටා ඇති දර්ශනීය නගරයකි. රුවන්පුරය හෙවත් මැණික් පුරය සමන් දෙවිඳුගේ පහස ලබමින් අතීතයේ සිට ම දිදුළන නගරයකි. අප රටේ වැදගත් කර්මාන්ත දෙකක්වන මැණික් කර්මාන්තය සහ තේ කර්මාන්තය මෙම දිස්ත්‍රික්කය තුළ හොඳින් සිදු වේ. ඒ මගින් අතීතයේ සිට ම අප රටට වැඩි ආදායමක් ලබා දීමට මෙන්ම වැඩි ප්‍රසිද්ධියට පත් වීමට ද හේතු විය. එසේම ලංකා මාතාව සිප ගනිමින් ගලන ගංඟා රැසක් ද මෙම දිස්ත්‍රික්කය තුළ වෙයි. බෝ පත් ඇල්ල වැනි මනස්තාන්ත දසුන් මෙම දිස්ත්‍රික්කය තුළ සුප්‍රසිද්ධ ස්ථානය.

            රත්නපුර - කොළඹ මහා මාර්ගයේ කිලෝ මීටර් 12ක් පමණ අවිස්සාවේල්ල දෙසට පැමිණි විට තරමක් උස් බිමක පිහිටියා වූ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය නෙත ගැටේ. දෙල්ගමුව නම් ග්‍රාමයේ කුරුවිට නගරයට ආසන්නව සුන්දර ස්ථානයක පිහිටි කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය සිසු පරපුරට ඥානයේ පහන් දොරටු විවර කරමින් විරාජමානව වැජඹේ. සුදු වතින් සැරසුණු අවිහිංසක දුවා දරුවන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණුවාලීමට  අතීතයේ සිටම කුරුවිට විදු මෑණියන් සිසුනට සෙවස ලබා දේ. එවන් වූ ඉතිහාස ගත තොරතුරු බිඳක් වෙතට, ඉතිහාසයේ වැදගත් විශේෂ අවස්ථා දෙසට අවධානය යොමු කිරීම වැදගත්ය.

 පාසලේ ආරම්භය.

            ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය යටතේ 1948 වර්ෂයේ දී ජූනියර් නම් ක්‍රමය ආරම්භ විය. ඒ අනුව 1949 ජනවාරි මස 04වන දින ර/ හිග්ගස්වත්ත ජූනියර් විද්‍යාලය නමින් වර්තමාන ප්‍රඥාධීර ශාලාවේ පාසල ආරම්භ විය. එවකට පාසලේ තිබුණේ එක් ගොඩනැගිල්ලකි. ඒ වර්තමාන ප්‍රඥාධීර ශාලාවයි. මුල් දිනයේ සිසුන් නව දෙනෙක් ද ගුරුවරුන් දෙදෙනෙකු ද සිටි අතර පසුව එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය.

 

පාසලේ ආදර්ශපාඨය

පාසලේ ආදර්ශපාඨය.

 

            ර/ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ ආදර්ශපාඨය පහතින් දිස් වේ. “නොනැවතී ඉදිරියට යන්න  යන අදහස එයින් ගම්‍ය වේ. මෙම විදුහලේ  ආදර්ශ පාඨය වී ඇත්තේ එයයි. සෑම සිසු දරු දැරියෙක් ම හය ආදර්ශයට ගෙන තම අනාගත පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ ඉලක්ක කරා යා යුතු බව තරයේ අධිෂ්ටානකර ගත යුතුය.

 

පාසලේ පිහිටිම

 
දැනට පැමිණි ඇති පිරිස
We have 1 guest online
අතීත විදුහල්පතිවරුන්